අනතුරක් සිදු කළ SSP දියණියගේ රථයේ අංක තහඩුව පොලිසිය සිටියදීම ගලවාගෙන යයි

238

කුරුඳුවත්ත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පසුව එම වාහනයේ අංක තහඩුව කිසියම් පුද්ගලයකු විසින් පොලිසිය සිටියදීම ගලවාගෙන යන අයුරු දැක්වෙන ජයාරූප පෙළක් සමජමාධ්‍ය ජාලාවල හුවමාරු වනවා.

කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අති සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ දිනයේ කඩා වැදී අනතුරක් සිදු වුණා.

එම මෝටර් රථය ධාවනය කර ඇත්තේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමර්ශන කටයුතු සිදුකරයි.

 

Your Comments