අධි ශිතකරණයක තැන්පත් කර තිබු සිරුරකට යළි පණ එයි

56

මෘත ශරීරාගාරයක අධි ශීතකරණයක තැන්පත් කර සිටි පුද්ගලයෙකු යළි පණ ලැබු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

74 හැවිරිදි මෙම පුද්ගලයා පසු ගිය සදුදා රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණා.

මරණයට හේතුව අනාවරණ නොවීමෙන් දේහය අධි ශීතකරණයක තැන්පත් කිරීමටයි පියවර ගැනුණේ.

කෙසේ වෙතත් පසු දින පැමිණි ඥාතීන් පිරිසකට රෝහල් බලධාරීන් විසින් දේහය භාර දීමට පියවර ගත්තා.

එහිදි ඥාතීන්ට නිරීක්ෂණය වී ඇත්තේ මිය ගිය බව පැවසුනු පුද්ගලයා ජීවතුන් අතර සිටින බවයි.

ඒ අනුව ඔහු යලි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී එම පුද්ගලයා මරණයට පත්ව ඇති බවයි රෝහල් පාලන අධිකරිය නිවේදනය කර ඇත්තේ.

Your Comments