අකිල, දෙසැම්බර් 15 වෙනකල් ඉන්න…. රනිල් කියයි.

34

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහල්කම් ධූරයෙන් ඉවත් වන බවට පසුගිය දා ප්‍රකාශ කර තිබුණා.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමක් අතරතුරදීයි.

‘මම දැන් සෑහෙන්න කාලයක් මහලේකම් විදිහට හිටියා. මං කැමතියි ඉවත් වන්න. කැමති අය පත් කරගෙන අනිත් වැඩකටයුතු කරගෙන යන්න. හැබැයි මම පක්ෂයේ වැඩකටයුතු දිගටම කරගෙන යනවා’ ලෙස ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ,

‘කළබල වෙන්න එපා දෙසැම්බර් 15  වෙනකල් වැඩකටයුතු දිගටම කරගෙන යන්න.’ ලෙසයි.

එම රැස්වීම සඳහා රුවන් විජේවර්ධය, වබිර අබේවර්ධන, තිලක් මාරපන, දයා පැල්පොල, ආංශු මාරසිංහ, රංජිත් සමරසිංහ, සාගල රත්නායක, අර්ජුණ රණතුංග, ජෝන් අමරතුංග සහ අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියා.

Your Comments