UPDATE: ලෝක කුසලානයට එංගලන්ත මුලික සංචිතය නම් කෙරේ

3

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.
ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
ඉදිරියේ දී පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍්‍රිකට් තරගාවලියෙන් පසුව එංගලන්තය විසින් ලෝක කුසලාන තරගාවලිය සදහා වන අවසන් සංචිතය නම් කරනු ඇති.
ඒ අනුව පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කළ 17 දෙනෙකුගෙන් යුත් සංචිතයේ ක්‍රීඩකයින් අතරින් 15 දෙනෙකු මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට ඉදිරියේ දී නම් කිරීමට නියමිතයි.
අප්‍රේල් 23 වන දිනට පෙර ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් සිය මූලික සංචිත ඉදිරිපත් කළ යුතු වීම අනිවාර්ය කර තිබීම හේතුවෙනුයි එංගලන්තය විසින් මෙම ලෝක කුසලාන මූලික සංචිතය නම් කර ඇත්තේ.


ලෝක කුසලාන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කිරීම අද [Apr 17, 2019 11.15am]

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙවර සත්කාරක රට වනඑ ංගලන්ත කණ්ඩායම මේ වන විට ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත් කිරීම්වලට අනුව පසුවන්නේ පළමු ස්ථානයේ යි.
මේ අතර හෙට දිනයේ දී ශ්‍රී ලංකා සංචිතය සහ පාකිස්තාන සංචිතය ද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සදහන්.
මේ වන විට නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ බංග්ලාදේශය පමණක් ලෝක කුසලානය සදහා වන සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්.

Your Comments